Posts

pregnant

ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා

Image
obath mamath ayath අද බොහෝ පිරිසක් නරඹන ටෙලි නාට්‍යය බවට පත් වී ඇත්තේ ඔබත් මමත් ඇයත් (  obath mamath ayath  ) ඉන්දියානු ටෙලි නාට්‍යයි. මායා මල්හෝත්‍රා කියන්නේ මේ දවස්වල වැඩිපුර අහන්න ලැබෙන නමක්. මායා ධනවත් තරුණියක්. විලාසිතා සඟරාවක අයිතිකාරියක්. නමුත් පුංචි කාලේ තාත්තා අතින් වෙච්ච අතවරයක් නිසා ඇය ඉන්නේ මානසික ආතතියකින්. ඒ තමයි  Beyhadh  ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වුනු මායා මල්හෝත්‍රාගේ කතාව. මේ කතාව අපිට බලන්න වෙන්නේ ඔබත් මමත් ඇයත් නමින්. ඔබත් මමත් ඇයත් (  obath mamath ayath  ) හි මායා මල්හෝත්‍රා කවුද ? මේ කතාවේ මායා මල්හෝත්‍රා ට රඟපාන්නේ ජෙනිෆර් වින්ගට් කියන 32 හැවිරිදි ඉන්දියානු නිළිය. අපිට මිට කින් මායාව හම්බවෙලා තියෙනවා. මිට අවුරුදු පහළොවකට විතර කලින් අපි බලපු ජනප්‍රිය ඉන්දියානු සොප් ඔපෙරාවක් එහෙමත් නැත්නම් ෆැමිලි ඩ්‍රාමා එකක් තමයි ප්‍රවීනා කියන්නේ . මේ චරිතයේ ප්‍රධාන නිළිය වන ප්‍රවිනාට හිටිය “ස්නේහා” ලස්සන දුවෙක්. ඒ දුවට රංගනයෙන් දායක වුනේ මේ ජෙනිෆර් තමා. ස්නේහා චරිතය පුංචි කලේ ඉඳලා අවුරුදු 45ක් විතර වෙනකම් විහිදිලා තිබුනා. ඔබත් මමත් ඇය...

Disney World

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි කරන්නේ සජීවී චලන චිත්‍ර හෝ රූප තුලින් අප තුල මැවී තිබු සංකල්ප සමඟ ගැටෙමිනි. බොහෝ විට මෙවන් සුරඟන කතාවන් යල්පැන ගිය, අසාධාරණ බැවින් පිරි ගිය ප්‍රහෙලිකාවක් සේ හැඳින්විය හැකිය. සින්ඩරෙල්ලා, බියුටි සහ බීස්ට් , වැනි කතාවන් ජනප්‍රිය සංස්කෘතිය තුල බලවත් සේ ගැඹුරට කිඳා බස ඇති වුවත් එයින් සමාජීය අදහස් වලට හානි ගෙන දෙන්නේ විවාහය, ස්ත්‍රීත්වය, පිළිකුල් කරන චරිත මෙන්ම අවර ගණයේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් සමඟ වාර්ගික අසමබරතාවය නිරුපණය කරන නිසාය.

ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද

Image
ද්වි විවාහය හෝ බහු විවාහය – දණ්ඩ නීති සංග්‍රහයේ 362 වගන්තිය වරක් විවාහ වී ඇති පුරුෂයකු හෝ කාන්තාවක තම විවාහය වලංගුව පවතිද්දී සහ තම නිත්‍යානුකුල බිරිඳ හෝ පුරුෂයා ජීවත්ව සිටියදී දෙවන විවාහයක් කරගනී නම් ඔහු හෝ ඇය ද්වි විවාහ චෝදනාවට වැරදිකරු වෙයි. තමා සමග නිත්‍යානුකුල විවාහ නොවූ යම් ස්ත්‍රියකට ඇය තමා සමග නිත්‍යානුකුල විවාහ වූ බව වංචා සහගතව විශ්වාස කරවමින් එම විශ්වාසය අනුව තමා සමග ලිංගික සංසර්ගයෙහි යෙදීම සිදු කරවන සෑම මිනිසෙකුටම අවුරුදු 10ක කාලයක් දක්වා සිර දඬුවම් නියම කළ හැක. තම පළමු විවාහය පිළිබඳව කරුණු සැඟවීමෙන් යමෙක් වෙනත් විවාහයක් කරගත් විට අවුරුදු 10 දක්වා සිර දඬුවමකට ද දඩයකට ද යටත් විය යුතුය. නීති ප්‍රකාරව විවාහ නොවූ බව දනිමින්ම වංචාකාරී ලෙස වංචනික අදහසින් විවාහ වීමේ උත්සවයකට සහාභාගි වන අයකුට අවුරුදු 07 දක්වා සිර දඬුවම් නියම කළ හැක. ගබ්සා කිරීම (Abortion) – දණ්ඩ නීති සංග්‍රහයේ 303 සහ 304 වගන්තිය ස්ත්‍රියකගේ ජීවිතය බේරා ගැනීම සඳහා සත්භාවයෙන් කරන ගබ්සා කිරීමක් හැර අනෙකුත් ගබ්සා කිරීම් ස්ත්‍රියගේ කැමැත්ත ඇතිව සිදු කලද එසේ ගබ්සා  ...

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න

Image
විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු,පිරිමි බේදයකින් තොරව කියවන්න… ඉස්සෙල්ලාම  කියන්නම් මෙච්චර සමාජෙ ගැන ලිපි කවි ලියන මම අද මොනවත් කිවෙ නැත්තම් වැඩක් නෑ.. ඉපදුන දවසෙ ඉදන් අපව දස මසක් කුසේ තබාගෙන ඉවසන්න බැරි තරම් වේදනාවක් විද අපව බිහි කරලා නින්දක් නැතිව දවස් ගනන් පිස්සියෙක් වගේ වෙහෙසිලා ලේ ටික කිරි කරලා පොවන්නේ කවුද..? ඔවු ඇය අම්මා නම් මේ… පුංචි දරුවකු ලොකු වෙනකල් කිසිම අඩුවක් නොකර තමන්ට පුලුවන් විදිහට රැක බලාගෙන මදි නොකියන්න ආදරේ කරන්නේ අපේ අම්මා… කියන්නත් කනගාටුයි සමහරුනම් අද දවස ගැන දන්නෙත් නෑ… කෙසේ වෙතත් දන්නා පිරිස ඔනෑ තරම් ඉන්නවා…. ගැහැණියට ගරුත්වය දෙන්න මේ  කතාවේ ඉතිරි කොටස බලන්න    http://thewoman.lk    වෙබ් අඩවියට පිවිසෙන්න .